• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විවිධ ජන කොටස් අතර තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතිය
- රජය සතු පොදු අධිකාරින් සතු තොරතුරුවලට මහජනතාවට ප්‍රවේශවීමට හැකි වන පරිදි 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත මේ වන විට ක්‍රියාත්මක වේ. එම පනත මඟින් තහවුරු කර ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය විශේෂයෙන්ම ගැටුම් පැවති ප්‍රදේශයන්වල හා දුෂ්කර ප්‍රදේශයන්හි වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශවල සේවය කරන නිලධාරින් අතර ප්‍රචලිත කිරීම, තොරතුරු අයිතිය භාවිතය පිළිබඳ ඔවුන් දැනුම්වත් කිරීම සහ ඒ පිළිබඳ නිලධාරින් පුහුණු කිරීම තවදුරටත් වැඩි වර්ධනය කිරීම පිණිස ව්‍යාපෘතියක් ස්විට්සර්ලන්ත රජය විසින් පිරිනමනු ලබන අරමුදල් භාවිතා කරමින් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.