• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
- තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳ දැනුම සහිත මානව සම්පතට ආර්ථිකය තුළ ඇතිවෙමින් පවතින ඉල්ලුම සපුරා ලීම සඳහා විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 165ක සමස්ත ආයෝජනයකින් යුත් විද්‍යා හා තාක්ෂණික මානව සම්පත් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය මඟින් කැලණිය, රජරට හා සබරගමුව යන විශ්වවිද්‍යාලයන්හි තාක්ෂණික පීඨ 03ක්ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයක්ද ස්ථාපිත කෙරෙනු ඇත. එමඟින් වර්තමාන ශ්‍රම වෙළඳපොළට ගැළපෙන කුසලතාවන්ගෙන් පිරි, නවීන තාක්ෂණය පිළිබඳ මනා දැනුමකින් යුත්, ව්‍යවසායකත්වය පිළිබඳ උනන්දුවක් සහිත උපාධිධාරින් බිහි කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 145ක විදේශීය අරමුදලක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීමට අදාළ කටයුතු සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.