• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාන්තා සුබසිද්ධිය පිළිබඳ සමීක්ෂණය - 2018/19
- කාන්තාවන්ගේ ආරක්ෂාව හා ඔවුන් සවිබල ගැන්වීම සඳහා වන විධිවිධාන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙන්ම වෙනත් පනත් රාශියක් මඟින්ද සලසනු ලැබ තිබේ. ඒ අනුව, කාන්තාවන් සවිබලගැන්වීම සඳහා වන වැඩසටහන් විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වයෙන් සිදු කෙරේ. එසේ වුවත්, ශ්‍රී ලාංකික ශ්‍රම වෙළඳ පොළ තුළ කාන්තා ශ්‍රම සහභාගිත්වය අඩු ප්‍රතිශතයක් ගැනීම, කාන්තා හිංසනය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ආදි කරුණු සම්බන්ධයෙන් නිල නොවන සංඛ්‍යාලේඛන සමාජගත වීමත් සමඟ ශ්‍රී ලාංකේය සමාජය තුළ කාන්තාවන් අත්විඳින යථා ස්වරූපය පිළිබඳ අව‍බෝධ කරගැනීම සඳහා විධිමත් නිල සංඛ්‍යාලේඛනවල අවශ්‍යතාව මතු වී තිබේ. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් පිරිනමනු ලැබීමට නියමිත රුපියල් මිලියන 26.9 ප්‍රදාන මුදල යොදාගනිමින්, ජාතික මට්ටමින් කාන්තා සුබසිද්ධිය පිළිබඳ සමීක්ෂණයක්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වීමටත්, එහි වාර්තාව ප්‍රකාශයට පත් කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.