• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'පිරිසිදු වායු 2025 ක්‍රියාකාරී සැලැස්ම' ක්‍රියාත්මක කිරීම
- කොළඹ නගරය අවට වායු ගෝලයේ පවතින වායු දූෂණය පාලනය කිරීම සඳහා විවිධ වැඩසටහන් රජය විසින් දීර්ඝ කාලයක සිට ක්‍රියාවට නංවනු ලැබ තිබේ. වායු තත්ත්වය කළමනාකරණය සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් ස්ථාපිත කරන ලද වායු සම්පත් කළමනාකරණ කේන්ද්‍රය මූලිකත්වයෙන් 'පිරිසිදු වායු 2000 ක්‍රියාකාරී සැලැස්ම' කාලීන අවශ්‍යතාවයන් අනුව සංශෝධනය කරමින් අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබේ.
ඉදිරි වර්ෂ තුළද ශ්‍රී ලංකාවේ වායු තත්ත්වය ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීම කළමනාකරණය කිරීමේ අරමුණ ඇතිව 'පිරිසිදු වායු 2025 ක්‍රියාකාරී සැලැස්ම' පිළියෙල කර ඇත. එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමත්, ඒ සඳහා අවශ්‍ය අධීක්ෂණය සහ නියාමනය ලබා දීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා තාක්ෂණික කමිටුවක් ස්ථාපිත කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.