• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නයිවල ප්‍රදේශයේ ඝන මීටර් 1500ක ධාරිතාව සහිත ජල කුලුනක් ඉදි කිරීම හා සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් පද්ධතිය ඉදි කිරීම
- ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය යටතේ දිනකට ඝන මීටර 1,500ක ධාරිතාවක් සහිත ජල කුලුනක් නයිවල ප්‍රදේශයේ ඉදි කිරීම, සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ කටයුතු සඳහා අවශ්‍ය ජල නළ එළීම සහ අනෙකුත් උපාංග සවි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, සීමාසහිත සීලෙක්ස් ඉංජිනියරින් පුද්ගලික සමාගම සහ සීමාසහිත ප්‍රතිභා ඉන්ඩස්ට්‍රීස් සමාගම අතර ඇති කර ගත් බද්ධ ව්‍යාපාරය වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.