• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වඳුරපීනු ඇල්ල ජල සම්පාදන යෝජනා ක්‍රමය
- කුරුණෑගල දිස්ත්‍රික්කයට පානීය ජලය සැපයීමට මෙන්ම දැදුරුඔය ද්‍රෝණිය ආශ්‍රිතව ක්‍රියාත්මක වන සියලුම ජල සම්පාදන යෝජනා ක්‍රම සඳහා ජලය වඩා හොඳින් රැස් කර තබාගැනීමටද වඳුරපීනු ඇල්ල ජලාශය ඉදි කිරීම සුදුසුම විකල්පය බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිදු කළ අධ්‍යයනයක් අනුව හඳුනාගෙන තිබේ. එම යෝජිත ජලාශය ඉදි කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිළිබඳ ඉන්දියාවේ M/s Tata Projects Ltd. විසින් අභිලාශය ප්‍රකාශ කරනු ලැබ ඇත. ඒ අනුව අදාළ ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම සඳහා M/s Tata Projects Ltd. ආයතනය හා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අතර වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.