• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුවන් යානාවල මගීන්ගේ විනෝදාස්වාදය සඳහා භාවිත කළ හැකි පහසුකම් පිළිබඳ තොරතුරු ඇතුළත් සඟරා සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානාවල මගීන්ගේ විනෝදාස්වාදය සඳහා භාවිත කළ හැකි පහසුකම් පිළිබඳ පත්‍රිකා හා විස්තරාත්මක තොරතුරු ඇතුළත් සඟරා සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, 2018‑10‑01 දින සිට වසර 03ක කාලසීමාවක් සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 5.92ක මුදලකට සීමාසහිත ඉන්ෆ්ලයිට් ඩබ්ලින් සමාගම වෙත පිරිනැමීම පිණිස රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.