• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි හෘද - උරස් ප්‍රතිකාර සංකීර්ණයේ මූලික ඉදි කිරීම් ආරම්භ කිරීම
- රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි හෘද - උරස් ප්‍රතිකාර සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ හා ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ සිදු කරන ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යාම සහ එහි ඉදි කිරීම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව යොදා ගනිමින් සිදු කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඉන් අනතුරුව, ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව යොදා ගනිමින් ඉදි කිරීමට නොහැකි වන ඇතැම් කාර්යයන් බාහිර පාර්ශ්වයන් මඟින් සිදු කරවාගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත. ඒ අනුව, රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි හෘද - උරස් ප්‍රතිකාර සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පාදම සකස් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි රුපියල් මිලියන 99.67ක මුදලකට සීමාසහිත නවලෝක පයිලින් පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.