• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර පොලිස් විද්‍යාලයේ පරිපාලන කටයුතු සඳහා නවීන පහසුකම්වලින් යුත් සිව් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- අක්කර 209ක භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති කළුතර පොලිස් විද්‍යාලය මඟින් පොලිස් කොස්තාපල් තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරි තනතුර දක්වා වරකට පොලිස් නිලධාරින් දහසකට අධික පිරිසක් පුහුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසනු ලබයි. එම පුහුණු පාඨමාලාවල පරිපාලන කටයුතු සඳහා දැනට භාවිත කරනු ලබන අඩු පහසුකම් සහිත ගොඩනැඟිල්ල වෙනුවට නවීන පහසුකම්වලින් යුත් සිව් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම මඟින් අවශ්‍ය පහසුකම් ලබා දීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.