• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බදු සහන සැලසීම සඳහා අදාළ බදු පනත් සංශෝධනය කිරීම
- රාජ්‍ය ආදායම ස්ථාවරව පවත්වා ගැනීම පිණිස එකතු කළ අගය මත බදු (VAT) පනත, ජාතිය ගොඩනැඟීමේ බදු (NBT) පනත සහ ආර්ථික සේවා ගාස්තු (ESC) පනත යන පනත් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එසේ වුවද, විවිධ පාර්ශ්වකරුවන් විසින් කරනු ලැබ ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන, පනවනු ලැබ ඇති ඇතැම් බදු ඉවත් කිරීම සුදුසු බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, වෛද්‍ය උපදේශන ගාස්තු, චැනල් ගාස්තු හා වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු මත පනවන ලද එකතු කළ අගය මත බදු (VAT) ඉවත් කිරීම, 2017 අගෝස්තු 01 දිනට පෙර එළඹ ඇති ඉදි කිරීම් ගිවිසුම් යටතේ සපයනු ලබන ඉදි කිරීම් සේවා ජාතිය ගොඩනැඟීමේ බද්දෙන් (NBT) නිදහස් කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ උපලබ්ධි නොවූ විනිමය හුවමාරු ලාභ ආර්ථික සේවා ගාස්තුවෙන් (ESC) නිදහස් කිරීම සඳහා අදාළ පනත් සංශෝධනය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.