• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෝජිත තල්පිටිගල ජලාශ ව්‍යාපෘතියේ සැලසුම් සමාලෝචනය හා ඉදි කිරීම් කටයුතු පරීක්ෂාව සඳහා උපදේශක සේවා ලබාගැනීම
- උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ඉදි කිරීම මඟින් උමා ඔයේ පහළ බෑවුමේ බත්මැඩිල්ල ව්‍යාපාරයේ ජල ඌනතාව සපුරා ලීම සඳහා තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. එම ව්‍යාපෘතියේ සැලසුම් සමාලෝචනය කිරීමේ හා ඉදි කිරීම් කටයුතු පරීක්ෂාව සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙතින් උපදේශක සේවා ලබාගැනීම පිණිස වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.