• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුත්තලම අරුවක්කාලු ප්‍රදේශය දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය එන්ජින් ප්‍රසම්පාදනය කිරීම
- ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල එක්රැස්වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රධාන ගැටලුවක්ව පවතින අතර, මීට විසඳුමක් ලෙස නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම පිණිස පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක බිම් පිරවුමක් සිදු කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ කැලණිය සිට අරුවක්කාලු දක්වා දුම්රිය මඟින් අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සිදුවන අතර, ඒ සඳහා දුම්රිය එන්ජින් 04ක්, බහාලුම් වැගන් 34ක් හා බහාලුම් පෙට්ටි 94ක් සපයා ගැනීම අවශ්‍ය වේ. ඒ අනුව, මෙම කාර්යය සඳහා අවශ්‍ය වන දුම්රිය එන්ජින් 04ක්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකන් ඩොලර් මිලියන 8.27ක මුදලකට චීනයේ M/s. Dongfang Electric International Corporation වෙතින් මිල දී ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.