• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1976 අංක 24 දරන ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනයේ පනත සංශෝධනය කිරීම
- මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකම් සපුරන ලද පූර්ණකාලීන සාමාජිකයන් 1,500ක් පමණ නියෝජනය කරන ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය 1959 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර, එය 1976 අංක 24 දරන ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය පනත මඟින් සංස්ථාගත කර ඇත. මෙම ආයතනයේ නාමය 'වරලත් ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය' ලෙසට ආදේශ කරමින් ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මී‍ට පෙර ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා සකස් කරන ලද සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.