• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ ක්‍රියාකාරී සැලැස්ම
- කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සංවර්ධනය කිරීම සහ දේශීය හා විදේශීය වශයෙන් ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ සේවාවන්, කාබනික නිෂ්පාදන, තාක්ෂණය වැඩිදියුණු කිරීම සහ පර්යේෂණ අධ්‍යනයන් යනාදිය ප්‍රවර්ධනය කිරීම සඳහා සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය‍ දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ ක්‍රියාකාරී සැලැස්ම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.