• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික හජ් පනත
- හජ් වන්දනාවේ නිරත වීම සඳහා වසරකට ඉස්ලාම් භක්තිකයෝ 7,000ත් 10,000ත් අතර පිරිසක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත් ඉදිරිපත් කරති. එසේ වුවද, හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවට වාර්ෂිකව ලැබෙන අවස්ථා ගණන 2,200ත් 3,400ත් අතර ප්‍රමාණයකට සීමා වන බැවින් වන්දනාකරුවන් සහ සංචාර මෙහෙයුම්කරුවන් තෝරාගැනීම ඉතා දුෂ්කර කාර්යයක්ව පවතී. එබැවින් හජ් වන්දනා ගමන හා සම්බන්ධ කටයුතු නියාමනය කිරීම පිණිස හජ් පනතක් සකස් කළ යුතු බවට යෝජනා වී තිබේ. ඒ සඳහා නීති සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.