• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෞද්ධ දසසිල්මාතාවන් සඳහා අධ්‍යාපන ආයතන ස්ථාපිත කිරීම
- දැනට දසසිල්මාතාවන් 4,000ක පමණ පිරිසක් ශ්‍රී ලංකාව තුළ වැඩවෙසෙන අතර, එම සිල්මාතාවන්ගේ අධ්‍යාපනික කටයුතු රජයේ සහායකින් තොරව ස්වේච්ඡා මට්ටමින් ක්‍රියාත්මක වන අධ්‍යාපන ආයතන කිහිපයක් මඟින් සිදු කරනු ලැබේ. එම ආයතනවලට අවශ්‍ය සහාය සහ අනුග්‍රහය රජය විසින් ලබා දීම පිණිස 1979 අංක 64 දරන පිරිවෙන් අධ්‍යාපන පනත සං‍ශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු දැනට සිදු කර ගෙන යනු ලැබේ. එම පනත සංශෝධනය කරන තෙක්, දසසිල්මාතාවන්ගේ අධ්‍යාපනය නංවා ලීම සඳහා දසසිල්මාතාවන් අධ්‍යාපනය ලබන ආයතන, 'බෞද්ධ දසසිල්මාතා අධ්‍යාපන ආයතන' නමින් ලියාපදිංචි කර එම ආයතනවලට අවශ්‍ය පහසුකම් සලසා දීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.