• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආදර්ශ ගම්මාන වැඩසටහන හරහා 'ග්‍රාමශක්ති' ජීවනෝපාය සංවර්ධන වැඩසටහන සමාජගත කිරීම
- අතිගරු ජනාධිපතිතුමාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන 'ග්‍රාමශක්ති' ජනතා ව්‍යාපාරය සමාජගත කිරීම සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන ආදර්ශ ගම්මාන වැඩසටහන යොදාගත හැකි අතර, එමඟින් ග්‍රාමීය ජනතාව සාමූහිකව සවිබල ගන්වා ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව ආදර්ශ ගම්මාන කේන්ද්‍ර කරගනිමින් 'ග්‍රාමශක්ති' ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.