• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධානවලට අනුකූල වන පරිදි ආයතන සංග්‍රහයේ අවශ්‍ය සංශෝධන සිදු කිරීම
- 2016 අංක 12 දරන තොරතුරු දැන‍ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ රාජ්‍ය ආයතන සතු තොරතුරු මහජනතාව වෙත ලබා දීම 2017 පෙබරවාරි 03 දින සිට බලාත්මක වේ. රජයේ නිලධාරින් විසින් එම පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී, මහජනතාව වෙත තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ මෙ‍තෙක් පැවති විධිවිධානවල යම් යම් සංශෝධනයන් සිදු කළ යුතු බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අදහස් ද සැලකිල්ලට ගෙන, ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩය සංශෝධනය කිරීම සඳහා කෙටුම්පත් කරනු ලැබ ඇති චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.