• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කටාන, ජාතික පොලිස් විද්‍යාපීඨයේ අත්පන්දු හා පැසිපන්දු ක්‍රීඩා පිටි ඉදි කිරීම
- පොලිස් නිලධාරින්ගේ දැනුම, කුසලතා, ආකල්ප හා වෘත්තීය නිපුණතා වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් කටාන, ජාතික පොලිස් විද්‍යාපීඨය ස්ථාපිත කර ඇත. මෙම විද්‍යාපීඨයේ දෛනිකව පැවැත්වෙන පුහුණු පාඨමාලා 05 සඳහා අභ්‍යාසලාභීන් 300 දෙනෙකු පමණ සහභාගි වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එහි නේවාසිකව සිටිමින් පුහුණුවීම් සඳහා සහභාගි වෙති. එම අභ්‍යාසලාභීන්ගේ විවේක කාලය ඵලදායීව ගත කිරීම සඳහා ක්‍රීඩා, ශාරීරික අභ්‍යාස හා ශරිර සුවතා ක්‍රියාකාරකම්වල නිරත වීමට හැකි වන පරිදි, ඒ සඳහා පහසුකම් සැලසීමට අත්පන්දු හා පැසිපන්දු ක්‍රීඩා පිටි 02ක් ඉදි කිරීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.