• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'කෘෂිකාර්මික ජල ඵලදායිතාවය වැඩි දියුණු කිරීම සඳහා නව නිපැයුම් තාක්ෂණය' සහ 'ආකර්ෂණීය කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ' යන වැඩමුළු ශ්‍රී ලංකාවේ පැවැත්වීම
- සාමාජික රටවල කාර්මික හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල ඵලදායිතාවය ඉහළ නැංවීමේ අරමුණින් පිහිටුවා ඇති, ආසියානු ඵලදායිතා සංවිධානය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන 'කෘෂිකාර්මික ජල ඵලදායිතාවය වැඩි දියුණු කිරීම සඳහා නව නිපැයුම් තාක්ෂණය' සහ 'ආකර්ෂණීය කෘෂිකර්ම ව්‍යාප්ති' යන වැඩමුළු දෙක ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට යෝජනා වී තිබේ. ඒ අනුව හිතකර ජලසම්පත් කළමනාකරණය දිරිගැන්වීම සඳහා 'කෘෂිකාර්මික ජල ඵලදායිතාවය වැඩි දියුණු කිරීම සඳහා නව නිපැයුම් තාක්ෂණය' නමින් වන දින 05ක සමුළුවක් 2018 07 23 සිට 2018-07-27 දිනවල පැවැත්වීමටත්, සාමාජික රටවලට ගැළපෙන සාර්ථක කෘෂි ව්‍යාප්ති සේවා ආදර්ශ හා ක්‍රමවේදයන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා 'ආකර්ෂණීය කෘෂිකර්ම ව්‍යාප්ති' නමින් දින 05ක සමුළුවක් 2018-09-17 සිට 2018-09-21 දින දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.