• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩල පනත සං‍ශෝධනය කිරීම
- 1973 අංක 15 දරන ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩල පනත වර්තමාන තත්ත්වයන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමේ අරමුණ ඇතිව සහ එකී පනතේ නාමය ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩල පනත ලෙස සං‍ශෝධනය කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. කෘෂිකාර්මික ප්‍රජාවගේ සහ කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන ආයතනවල කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි වන පරිදි, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති පනත් කෙටුම්පතේ තවදුරටත් සිදු කළ යුතුව ඇති සංශෝධන ඇතුළත් කර කෙටුම්පත් කිරීමටත්, ඉන් අනතුරුව ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවේ අනුමැතිය පිණිස ඉදිරිපත් කිරීමටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.