• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිටකොටුව චාමර්ස් ධාන්‍යාගාර ඉඩම සඳහා මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය
- පිටකොටුව චාමර්ස් ධාන්‍යාගාර ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මී‍ට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, ව්‍යාපෘතිය සඳහා යෝජනා කැඳවා ඇති නමුත් ආයෝජකයින් විසින් නියමිත දින වන විටත් යෝජනා ඉදිරිපත් කර නොතිබිණි. මේ සඳහා වූ යෝජනා කැඳවීමේදී ඒ පිළිබඳ උනන්දුවක් දැක්වූ ආයෝජකයින් සමඟ පැවති සාකච්ඡාව අනුව, පිටකොටුව චාමර්ස් ධාන්‍යාගාර ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා ‍යොදාගැනීමේදී ඉඩමේ වටිනාකම ගෙවීම සඳහා විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ඉඩ සැලසීමටත්, එම යෝජනා ඇගයීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වාදීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.