• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය අංශයේ කාර්යමණ්ඩල පිළිබඳ 2018 වර්ෂයේ පළමු වන කාර්තුවේ වාර්තාව
- අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර එළඹ ඇති තීරණය පරිදි සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරින් බඳවාගැනීම්, ස්ථාන මාරුවීම්, සේවය අතහැර යැම්, තනතුරෙන් පහකිරීම්, විශ්‍රාමගැනීම්, ඉල්ලා අස්වීම් සහ මියයාම් වැනි කරුණු හේතුවෙන් රාජ්‍ය අංශයේ කාර්යමණ්ඩලයේ සිදුවන වෙනස්වීම් යාවත්කාලීන කර පවත්වා ගෙන යා යුතු අතර, එම තොරතුරු සලකා බැලීම පිණිස අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කළ සටහන අනුව 2018 පළමු කාර්තුව තුළ රාජ්‍ය අංශය සඳහා 9,851ක් අලුතින් බඳවා ගෙන ඇති අතර, රාජ්‍ය සේවකයින් 7,755ක් විශ්‍රාම ගැන්වීම්, ඉල්ලා අස්වීම්, සේවය අතහැර යාම්, තනතුරින් පහ කිරීම් හෝ මියයෑම නිසා රාජ්‍ය අංශයෙන් ඉවත් වී තිබේ. තවද, අනුමත කාර්යමණ්ඩලයෙන් පරිබාහිරව පළාත් සභා විසින් 7,840ක සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති බවත්, රාජ්‍ය අංශයේ සියලුම ආයතන ජාතික වැටුප් ප්‍රතිපත්තියකට අනුගත වීමේ අවශ්‍යතාව පිළිබඳවත් එමඟින් පෙන්නුම් කර තිබේ. අමාත්‍ය මණ්ඩල සටහන මඟින් ඉදිරිපත් කර තිබූ ඉහත තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලද අතර, නියමිත අනුමැතියකින් තොරව අනුමත කාර්යමණ්ඩලයට පරිබාහිරව බඳවා ගෙන ඇති සේවකයින් පිළිබඳව එම ආයතනවල ප්‍රධානීන් විසින් වගකිවයුතු බවද අමාත්‍ය මණ්ඩලය විසින් අවධාරණය කරන ලදී.