• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිතාක්ෂණික හා ස්වයංක්‍රීය යන්ත්‍රෝපකරණ වෙනුවෙන් වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු සහන ලබා දීම
- දේශීය නිෂ්පාදන කර්මාන්තයන්හි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරනු ලබන අධිතාක්ෂණික හා ස්වයංක්‍රීය යන්ත්‍රෝපකරණ වෙනුවෙන් ගෙවිය යුතු වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්දෙන් 75%ක බදු සහනයක් ලබා දීම සඳහා 2011 අංක 18 දරන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.