• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුවන් සේවාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡා
- ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ගුවන් සේවා සැලසුම් පිළිබඳව දෙරටේ ගඟන නාවික බලධාරින් විසින් 2017 දෙසැම්බර් මස කොළඹදී පවත්වන ලද සිවිල් ගුවන් සේවා සමුළුවේදී සාකච්ඡා කරන ලදී. මේ සම්බන්ධයෙන් දෙරට අතර අත්සන් කිරීමට නියමිත ගුවන් සේවා ගිවිසුම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟතාවයකට එළඹෙන ලදී. ඒ අනුව, එම එකඟතා ගිවිසුම සඳහා නිල වශයෙන් එළඹීම පිණිස හා එම එකඟතා ගිවිසුම ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අශෝක අබේසිංහ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.