• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රට අභ්‍යන්තර ගුවන් සේවා ප්‍රවර්ධනය කිරීම
- නියමිත කාලසටහනකට අනුව ක්‍රියාත්මක කරනු ලබන රට අභ්‍යන්තර ගුවන්සේවා මෙහෙයවීම සඳහා රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතාව සඳහා වන ජාතික නියෝජිතායතනය විසින් කරන ලද අභිලාෂය පළ කිරීමේ යෝජනා කැඳවුම අනුව ආයතන 05ක් විසින් යෝජනා ඉදිරිපත් කර ඇති අතර, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතාව සඳහා වන ජාතික නියෝජිතායතනයේ සභාපති සහ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ විධායක අධ්‍යක්ෂ යන නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් විසින් එකී‍ යෝජනා ඇගයීමට ලක් කර ඇත. එම කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව කටයුතු කිරීමට යටත්ව, අදාළ ගුවන්සේවා ආයතන වෙතින් මෙහෙයුම් බලපත්‍ර සඳහා අයදුම්පත් කැඳවීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ වැඩබලන ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අශෝක අබේසිංහ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.