• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 06ක් සංවර්ධනය කිරීම
- ග්‍රාමීය ප්‍රදේශවල නැවුම් කිරි නිෂ්පාදන හැකියාව ඉහළ නැංවීම තුළින් කිරි ගොවීන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 30ක් සහ කඩ‍ුවෙල, අත්තනගල්ල, පොළොන්නරුව, මඩකලපුව, වාරියපොළ සහ වෙන්නප්පුව යන ප්‍රදේශවල කිරි සැකසීමේ මධ්‍යස්ථන 06ක් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.