• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'සුරක්ෂිතලත් ගනුදෙනු' පනත් කෙටුම්පත
- කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය ණය මුදල් ලබාගැනීමේදී ඔවුන් සතු වත්කම්වලින් වැඩි ප්‍රමාණයක් සුරැකුම් ලෙස තැබීමට හැකි වන පරිදි, 2009 අංක 49 දරන සුරක්ෂිතලත් ගනුදෙනු පනත පරිච්ඡින්න කර නව පනතක් කෙටුම්පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. යෝජිත පනත් කෙටුම්පතට සමගාමීව කාලාවරෝධ ආඥාපනත, භාර ලදුපත් ආඥාපනත, උකස් ආඥාපනත, 2000 අංක 56 දරන මූල්‍ය කල්බදු පනත, 1990 අංක 14 දරන දේශීය භාර ලදුපත් පනත, 2007 අංක 7 දරන සමාගම් පනත සහ ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනත යන නීති සංශෝධනය කිරීමටද යෝජනා වී තිබේ. ඒ අනුව, එම පනත් සංශෝධනය කිරීමටත්, ඒ සඳහා කෙටුම්පත් කරනු ලැබ ඇති සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.