• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
භූමිතෙල් මිල අඩු කිරීම
- ලෝක වෙළඳ පොළේ ඉහළ මිලගණන්වලට සාපේක්ෂව ‍ සහන මිලක් යටතේ ලබා දුන් භූමිතෙල් මිල යම් පමණකින් ඉහළ දැමීමට රජය විසින් මීට පෙර තීරණය කරන ලදී. එසේ වුවද, සිය බෝට්ටු/යාත්‍රාවන් සඳහා ඉන්ධනයක් ලෙස භූමිතෙල් යොදාගනු ලබන ධීවරයන් මෙන්ම ආලෝකය ලබාගැනීම සඳහා භූමිතෙල් භාවිත කරනු ලබන අඩු ආදායම්ලාභීන් විසින්ද සිදු කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, රුපියල් 101/- දක්වා වැඩි කරන ලද භූමිතෙල් ලීටරයක මිල, රුපියල් 70/- දක්වා අඩු කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඇමතිතුමා සහ මුදල් හා ජනමාධ්‍ය ඇමතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.