• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල සංවර්ධන වැඩසටහන් මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසුවිපරම පිණිස කාර්යසාධක බලකායක් පත් කිරීම
- උතුරු නැ‍ඟෙනහිර පළාත්වල පැවති ගැටුම්කාරී තත්ත්වය නිමා වීමෙන් අනතුරුව, එම පළාත්වල සමාජ හා ආර්ථික සංවර්ධනය උදෙසා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත. එසේ වුවද, එම පළාත්වල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම පිණිස එම ව්‍යාපෘති මඟින් ප්‍රමාණවත් බලපෑමක් සිදුව ඇති බවක් නිරීක්ෂණය නොවේ. එබැවින්, රජයේ විවිධ ආයතන විසින් උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් සම‍ාලෝචනය, සම්බන්ධීකරණය, මෙහෙයවීම හා පසුවිපරම් කිරීම පිණිස සිය සභාපතිත්වය යටතේ සහ ගරු අග්‍රාමාත්‍යතුමා, පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, සන්නද්ධ හමුදාවන්හි හා ශ්‍රී ලංකා පොලීසියේ එකී පළාත් භාර නිලධාරින් සහ අනෙකුත් අදාළ සියලුම පාර්ශ්වයන්ගෙන් සමන්විත කාර්යසාධක බලකායක් පත් කිරීමට පියවර ගෙන ඇති බවට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.