• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බිබිල සිට චෙන්කලාඩි, පදියතලාව සිට ටැම්පිටිය මාර්ග වැඩිදියුණු කිරීම
- බිබිල සිට චෙන්කලාඩි දක්වා වන කිලෝ මීටර 86.75ක දිගකින් යුතු මාර්ග කොටස පුනරුත්ථාපනය කර, වැඩිදියුණු කිරීම සඳහා සවුදි අරමුදල විසින් ණය පහසුකම් සලසනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් කොන්ත්‍රාත් පැකේජ 02, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි Consulting Engineers & Contractors (Pvt.) Ltd. වෙත ප්‍රදානය කි‍රීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* බිබිල සිට පදියතලාව දක්වා වන කිලෝමීටර 29ක මාර්ග කොටස පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම රුපියල් මිලියන 2,389.07ක මුදලකට.

* පදියතලාව සිට ටැම්පිටිය දක්වා වන කිලෝමීටර 30ක මාර්ග කොටස පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම රුපියල් මිලියන 2,295.63ක මුදලකට.