• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ඌව පළාතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සේවා සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 900ක අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇති අතර, එම වැඩසටහන උතුරු, නැ‍ඟෙනහිර, ඌව සහ බස්නාහිර යන පළාත්වල ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ යටතේ ඉදි කිරීම් අධීක්ෂණය, කොන්ත්‍රාත් කළමනාකරණය ඇතුළත්ව ඌව පළාතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, කොරියාවේ Pyunghwa Engineering Consultants ආයතනය සහ ශ්‍රී ලංකාවේ Consulting Engineers and Architects Associated (Pvt) සමාගම එක්ව පිහිටුවා ගනු ලැබූ හවුල් ව්‍යාපාරය වෙත රුපියල් මිලියන 1,154.8ක මුදලකට පිරිනැමීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.