2018-06-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය |
මගී දුම්රිය මැදිරි 160ක් මිල දී ගැනීම - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන මගී සේවා තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින්, ඉන්දියානු ණය ආධාර යටතේ දුම්රිය මගී මැදිරි 160ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි, ඇමරිකන් ඩොලර් මිලියන 82.63ක මුදලකට එම්/එස්. රයිට්ස් ලිමිටඩ් සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. |