• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බේරුවල, අලුත්ගම ප්‍රදේශවල සිදුවූ සිද්ධියේ දී විනාශයට පත්වූ දේපල සඳහා විශේෂ වන්දි ප්‍රදානය
- කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල හා අලුත්ගම යන ප්‍රදේශවල 2014 වර්ෂයේදී සිදුවූ මහජන කැලඹීම් හේතුවෙන් හානි වූ දේපළ සඳහා පවතින රෙගුලාසි යටතේ ලබා දිය හැකි උපරිම වන්දි මුදල් ලබා දීම සඳහා රජය විසින් කටයුතු කරනු ලැබ තිබේ. එසේ වුවද, එමඟින් ආවරණය නොවූ ගෘහ හා අනෙකුත් උපකරණවලට සිදු වූ හානිවලට අදාළව තවදුරටත් ගෙවිය යුතු බවට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පත් කරනු ලැබ ඇති විශේෂ තක්සේරු කමිටුවක් විසින් නිර්දේශ කරනු ලැබ ඇති ගෙවීම් සිදු කිරීමට හැකි වන පරිදි රුපියල් මිලියන 185.9ක මුදලක් වෙන් කරවා ගැනීම පිණිස නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.