• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආදර්ශ ගම්මාන තුළ 'සම්පත් පියස' වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් ක්‍රියත්මක කරනු ලබන ජාතික නිවාස වැඩසටහනෙහි ආදර්ශ නිවාස ගම්මාන වැඩසටහන යටතේ නිවසක් තනා ගැනීමට බිම් කොටසක් නොමැති අඩු අදායම්ලාභී හෝ දිළිඳු පවුල් වෙත ඉඩමක, නිවසක හා ජනාවාසයක අයිතිය ලබා දීම සඳහා කටයුතු කෙරේ. මෙම වැඩසටහන යටතේ මේ වන විට ප්‍රජා අයිතියට පත් කර ඇති ආදර්ශ ගම්මාන 75ක ප්‍රතිලාභීන්ට මත්ද්‍රව්‍ය නිවාරණ, සෞඛ්‍ය ප්‍රවර්ධන හා ගෙවතු වගා වැනි ක්ෂේත්‍රයන්හි ප්‍රගතියක් අත් කර දීමට හැකි වී තිබේ. එම ගම්මානවල එක්රැස් වන නොදිරන අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමට හැකි වනු පිණිස මධ්‍යම පරිසර අධිකාරිය විසින් හඳුන්වා දෙනු ලැබ ඇති 'සම්පත් පියස' ඒකකය බැගින් පරිසර සංරක්ෂණය පිළිබඳ ජනාධිපති කාර්යසාධන බලකායේ මෙහෙයවීම යටතේ සෑම ආදර්ශ ගම්මානයකම පිහිටුවීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.