• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අඩු ආදායම්ලාභී පවුල් 150,000කට සමෘද්ධි සහනාධාරය ලබා දීම
- සමෘද්ධි සහනාධාර වැඩසටහන යටතේ මේ වන විට පවුල් මිලියන 1.38ක පමණ පිරිසකට ප්‍රතිලාභ සලසනු ලැබේ. එසේ වුවද, මෙම සහනාධාරය ලැබීම සඳහා යෝග්‍යයැයි හඳුනා ගෙන ඇති, දැනට සමෘද්ධි ප්‍රතිලාභ නොලබන, උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවල නැවත පදිංචි කරනු ලැබ ඇති පවුල් සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලද ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් රාශියක් සඳහා එම ප්‍රතිලාභය නොලැබෙන බව වාර්තා වී තිබේ. ඒ අනුව, අදාළ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිර්දේශ සහිතව, සමෘද්ධි ප්‍රතිලාභය හිමිවිය යුතු තවත් අඩු ආදායම්ලාභී පවුල් 150,000ක් සඳහා මෙම සහනය ව්‍යාප්ත කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.