• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුතුරාජවෙල අවරකොටුව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ හිමිකරුවන්ට හිමිකම් ඔප්පු නිකුත් කිරීම
- 1994 වර්ෂයේදී සිදු කරන ලද මුතුරාජවෙල සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මුතුරාජවෙල වගුරු බිම තුළ පදිංචිව සිටි අනවසර පදිංචිකරුවන්ව එම භූමිය සංවර්ධනය කිරීමෙන් අනතුරුව, එම භූමියේම කොටසක නැවත පදිංචි කරවනු ලැබ තිබේ. එම ඉඩම්වල පදිංචිකරුවන්ට හිමිකම් ඔප්පු ලබා දීමට අදාළව සිදු කරන ලද සමීක්ෂණයකින් හඳුනා ගන්නා ලද පවුල් සඳහා හිමිකම් ඔප්පු ලබා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.