• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුම්රිය එන්ජින් මිල දී ගැනීම සඳහා අරමුදල් සලසා ගැනීම
- උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මෙහෙයුම් සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත දුම්රිය එන්ජින් 12ක් මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා අවශ්‍යවන ඇමරිකානු ඩොලර් මිලියන 48.67ක අරමුදල් කැනඩා අපනයන සංවර්ධන ආයතනයේ සහයෝගය මත ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව වෙතින් සපයා ගැනීම සඳහා ගිවිසුමකට එළඹීමට අදාළ කටයුතු සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.