• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාවේ පරිසරය හා සම්බන්ධ සියලු අංශ ජාතික මට්ටමින් සම්බන්ධීකරණය කිරීමට අවශ්‍ය නීතිමය රාමුව 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මඟින් සලසා ඇති අතර, එම පනතට අදාළ කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීමේ මූලික ආයතනය ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපිත කර තිබේ. කාලීන අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි මෙම පනත අවස්ථා කිහිපයකදී සංශෝධනය කරනු ලැබූවද පරිසරය සම්බන්ධයෙන් වර්තමා‍නයේ උද්ගත වී ඇති ගැටලු සහ අනාගතයේදී උද්ගත වනු ඇතැයි අපේක්ෂා කෙරෙන ගැටලු සඳහා විසඳුම් සෙවීමට හැකි වන පරිදි එම පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.

ඒ අනුව, විශේෂයෙන්ම කර්මාන්තශාලා මඟින් සිදුවන ජල දූෂණය, නාගරික කැලි කසළ සම්බන්ධ ගැටලු, අනවසර ඉදි කිරීම් නිසා ඇතිවන ගැටලු ආදී කාලීන හා අනාගත ගැටලුවලට සාර්ථකව මුහුණ දීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීමත් ඊට අදාළ නීති සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමත් පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.