• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හානිපූරණය සඳහා වන කාර්යාලය පිහිටුවීම
- උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල පැවති ගැටුම්වලට මැදි වීම, දේශපාලන නොසන්සුන්තා, සිවිල් කැලඹීම්, බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම වැනි විවිධ හේතු මත පීඩාවට පත්, හානිපූරණය සඳහා යෝග්‍ය තැනැත්තන් හඳුනාගෙන ඔවුන්ට හානිපූරණයක් ලබා දීමේ කටයුතු වඩා විධිමත්ව හා විනිවිදභාවයකින් යුක්තව සිදු කිරීම සඳහා වන්දි ගෙවීම/හානිපූරණය සඳහා වන කාර්යාලයක් පිහිටුවීම පිණිස නීති සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පිළියෙල කරන ලද හානිපූරණය සඳහා වන කාර්යාලය සංස්ථාපනයට අදාළ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව එම පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.