• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා විදුලිබල මණ්ඩලයේ භාවිතය සඳහා ගොඩනැඟිලි ඉදි කිරීම
පුත්තලම, ලක්විජය බලාගාරයේ ඉංජිනේරුවන් සඳහා සියලුම පහසුකම්වලින් සමන්විත නිවාස සංකීර්ණ 08ක් සහ කාමර 24කින් යුත් නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි, M/s George Stuart Engineering (PVT) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.