• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණියේ සිට අරුවක්කාලු දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලුම් වැගන් සහ බහාලුම් පෙට්ටි මිල දී ගැනීම
- නාගරික ඝන අපද්‍රව්‍ය සනීපාරක්ෂක බිම් පිරවුමක් පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති අතර, ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව දැනටමත් පිරිනමා ඇත. ඒ අනුව, කොළඹ තෝරාගත් නාගරික ප්‍රදේශවල එක් රැස්වන නාගරික ඝන අපද්‍රව්‍ය අරුවක්කාලු ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කිරීම සඳහා බහාලුම් වැගන් 34ක් හා බහාලුම් පෙට්ටි 94ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.