• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බේරේ වැව ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති සැලසුම ක්‍රියාත්මක කිරීම වැව ඉවුර සංරක්ෂණය කිරීම
- බේරේ වැවට යාබදව පිහිටි භූමි ප්‍රදේශය ස්වාභාවික සෞන්දර්ය රැකෙන පරිදි සංචාරක ආකර්ෂණීය කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ ඇත. බේරේ වැව වටා රේඛීය උද්‍යානයක් ඉදි කිරීම හා වැව අවට ඉඩම් සංවර්ධනය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ඒ යටතේ හඳුනාගෙන තිබේ. මෙම සංවර්ධන කටයුතු සිදු කිරීමට පෙර වැව් ඉවුර සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.