• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෛද්‍ය පරීක්ෂණ අත්වැසුම් මිල දී ගැනීම
- වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කරනු ලබන, රබර් කිරිවලින් දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන, විෂබීජහරණය නොකළ වෛද්‍ය පරීක්ෂණ අත්වැසුම් යුගල (විවිධ ප්‍රමාණවලින්) 79,430,000ක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 448.3ක මුදලකට Sisili Project Consortium (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.