• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශල්‍යාගාර රබර් අත්වැසුම් මිල දී ගැනීම
රබර් කිරිවලින් දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන, ශල්‍යාගාරවල අවශ්‍යතාව සඳහා එක්වරක් පමණක් භාවිත කරනු ලබන, එක් එක් යුගලය වෙන් වෙන්ව විෂබීජහරණය කර ඇසුරුම් කරන ලද ජීවාණුහරිත ශල්‍යාගාර රබර් අත්වැසුම් යුගල (විවිධ ප්‍රමාණවලින්) 31,041,000ක් සැපයීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,199.9ක මුදලකට Sisili Project Consortium (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.