• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රධාන සැලසුමක් පිළියෙල කිරීම
- චීන රජයේ සහයෝගය ඇතිව විශේෂ ආර්ථික කලාපයක් හම්බන්තොට ස්ථානපනය කිරීම සඳහා සැලසුම් කර ඇති අතර, ඒ සඳහා චීන රජය විසින් චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් ආයතනය නම් කරනු ලැබ ඇත. මේ යටතේ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කයන්හි ශ්‍රී ලංකා - චීන සැපයුම් සහ කර්මාන්ත කලාපය ස්ථාපිත කිරීමට අදාළ කටයුතු අදියර 03ක් යටතේ සිදු කිරීමට නියමිතය. මෙම සංවර්ධන කටයුතුවලට සමගාමීව හම්බන්තොට ප්‍රදේශයේ වඩා සැලසුම්ගත නාගරික සංවර්ධනයක් සිදු වන බවට තහවුරු කරගැනීමේ අරමුණින් හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රධාන සැලැස්මක් සකස් කිරීම යෝග්‍ය බවට තීරණය වී ඇත. ඒ සඳහා උපදේශක සේවා ආයතනයක් පත් කර ගැනීමටත්, එකී ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීමේ කාර්යය සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් පිහිටුවීමට සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.