• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පරිගණක ආශ්‍රයෙන් ඉගැන්වීම සඳහා e ඉගෙනුම් සම්පත් නිර්මාණයට ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීම
- ශ්‍රී ලංකාවේ පාසල්වල තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය හා අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණ භාවිතය විධිමත් කිරීම සඳහා වන ව්‍යාපෘති යෝජනාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිළියෙල කර ඇති අතර, යෝජිත ව්‍යාපෘතිය මඟින් සියලුම කලාපීය පරිගණක සම්පත් මධ්‍යස්ථාන සඳහා පරිගණක හා උපාංග ලබා දීමටත්, නිල්වලා විද්‍යාපීඨය හා අඩ්ඩාලච්චේනෙයි විද්‍යා පීඨය ආශ්‍රිතව පළාත් මට්ටමේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථාන දෙකක් ඉදි කිරීමටත්, කුලියාපිටිය, නාරංගල්ල වත්ත භූමියෙහි ජාතික මට්ටමේ මෘදුකාංග හා පරිගණක යෙදවුම් නිර්මාණය කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත් කටයුතු කෙරෙනු ඇත. මේ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු අපනයන හා ආනයන බැංකුව හරහා ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල සහ අබුඩාබි අරමුදල මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 56.9ක අරමුදල් සලසා ගැනීමට අදාළ කටයුතු සිදු කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.