• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල් සිසුන් සඳහා කිරි පැකට්ටුවක් ලබා දීම
තෝරාගත් පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් හා විශේෂ අධ්‍යාපන ඒකකවල සිසුන් ආවරණය කරමින් පාසල් සිසුන් සඳහා උදෑසන කිරි පැකට්ටුවක් ලබා දීමේ වැඩසටහන 2013 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම වැඩසටහන යටතේ, මිල්කෝ පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන, වෙළඳපොළ වටිනාකම රුපියල් 30/-ක් වන මිලිලීටර 150 ප්‍රමාණයේ කිරි පැකට්ටුවක් රජය විසින් මිල දී ගෙන පාසල් සිසුන් වෙත ලබා දෙනු ලැබේ. පාසල් සිසුන්ගේ පෝෂණ ගැටලු අවම කරමින් ක්‍රියාශීලී සිසු පරපුරක් බිහි කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. ඒ අනුව, කිරි පැකට්ටුවක වර්තමාන ඉහළ වෙළඳපොළ මිල ගණන් යටතේ වුවද, මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සලකා මෙම වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.