• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුද්ගලනාශක බිම් බෝම්බ භාවිතය, තොග රැස් කිරීම, නිෂ්පාදනය කිරීම සහ හුවමාරු කිරීම තහනම් කිරීම සහ ඒවායෙන් ඇති වන විනාශය පිළිබඳව වන සම්මුතිය (ඔටාවා සම්මුතිය) සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවේශය
- පුද්ගලනාශක බිම් බෝම්බ භාවිතය, තොග රැස් කිරීම, නිෂ්පාදනය කිරීම සහ හුවමාරු කිරීම තහනම් කිරීම සහ ඒවායෙන් ඇති වන විනාශය පිළිබඳව වන සම්මුතියට (ඔටාවා සම්මුතිය) ඇතුළත් වීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, එම සම්මුතියේ විධිවිධාන ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා හැකි කරවන ව්‍යවස්ථා (Enabling Legislation) කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.