• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සියලු ආකාරයේ හිංසනයන්ගෙන් ළමයින් ආරක්ෂා කිරීම පිණිස වන සිද්ධි කළමනාකරණ මාර්ගෝපදේශය ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකාව ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් තබා මේ වන විට දශක දෙකක කාලයක් ඉක්ම ගොස් ඇති අතර, ළමුන්ගේ ආරක්ෂාව හා රැකවරණය වෙනුවෙන් පියවර රාශියක් ගනු ලැබ ඇත. සියලුම ආකාරයේ හිංසනයන්ගෙන් ළමුන් ආරක්ෂා කිරීම සඳහා වන කාර්යයන් ඉටු කිරීමේදී ඒ හා සම්බන්ධ වන සියලුම නිලධාරින් ළමා අයිතිවාසිකම් පිළිබඳ මූලධර්මයන්ට අනුකූලව කටයුතු කිරීම වැදගත් වේ. ඒ අනුව, එහිදී අනුගමනය කළ යුතු පියවර දැක්වෙන මාර්ගෝපදේශයක් 'සියලු ආකාරයේ හිංසනයන්ගෙන් ළමයින් ආරක්ෂා කරගැනීම පිණිස වන සිද්ධි කළමනාකරණ මාර්ගෝපදේශය' නමින් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් පි‍ළියෙල කරනු ලැබ ඇත.

ඒ අනුව, ළමයින් පිළිබඳව කටයුතු කිරීමේදී එම මාර්ගෝපදේශ ජාතික මාර්ගෝපදේශයන් ලෙස ක්‍රියාත්මක කිරීමටත්, සෑම පරිපාලන මට්ටමකදීම අදාළ ප්‍රධානීන් මඟින් එම මාර්ගෝපදේශය ක්‍රියාවට නැංවීම මෙහෙයවීම හා අධීක්ෂණය කිරීමටත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.